ලොව පළමු කාන්තා ජෙට් පැක් නියමුවරිය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

ඇය ලී කෝට්ස් නමැති හතළිස් හත් හැවිරිදි කාන්තාවකි.

පියාසර ඇඳුම් කට්ටලයක් හෙවත් ජෙට් ඇඳුම් කට්ටලයක් පැළඳ පියාසර කළ, ලොව පළමු කාන්තාව වීමේ භාග්‍යය ලී කෝට්ස් නමැති 47හැවිරිදි කාන්තාවකට හිමිව තිබේ.

ලී කෝට්ස් වෘත්තියෙන් හෙලිකොප්ටර් යානා නියමුවරියකි.

එමෙන්ම ඇය වෘත්තිය හිම ක්‍රීඩිකාවක්ද වෙයි.

පියාසර ඇඳුම් කට්ටලයක් පැලඳ පියාසර කිරීමට තමාට අවස්ථාව හිමිවූ විට තරමක් කලබලකාරී හැගීමක් දැනුණු බවයි ලී පැවසුවේය.

ඇයගේ පියාසර ඇඳුම් කට්ටලය කිලෝග්‍රෑම් 57ක බරින් යුතු වන අතර කුඩා ප්‍රමාණයේ ටර්බයින් 5ක් ඊට ඇතුළත්ය.

එහිදී පියසැරිය පාලනය කරනු ලබන්නේ ඇයගේ බාහු වලින්.

එලඹෙන මාසයේදී බර්මියුඩාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ජෙට් ඇඳුම් පියාසර තරගාවලියට ඉදිරිපත්වීමටත් ලී කෝට්ස් බලාපොරොත්තු වෙයි.

සිහින හඹාගෙන යෑම සඳහා කාන්තාවන් දිරිමත් කිරීම ඇයගේ ඉදිරි අපේක්ෂාවයි

මෙන්න බලන්න තවත් පුවත්