ලිපි බෙදා හැරීමේ ප්‍රමාදයක් හටගෙන ඇති බවට වාර්තා වනවා.
ඒ් රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවීම හා ලංගම බස් රථ යොදා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.
දෙපාර්තමේන්තු වාහන පමණක් යොදා ගනිමින් ලිපි බෙදා හැරීම මේ වනවිට සිදුවන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.
මේ හේතුවෙන් ලිපියක් බෙදා හැරීමට ගතවන කාලය දින දෙකකින් පමණ ප්‍රමාද වන බවද තැපැල්පතිවරයා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලිපි බෙදීමේ වැඩිම ප්‍රමාදය කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින බවයි.
දෛනිකව ලැබෙන ලිපි හා පාර්සල් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන්නේ දුම්රිය මගිනි.
එහෙත් ඒ සඳහා යොදා ගන්නා තැපැල් දුම්රිය පහම මේ වන විට ධාවනය වන්නේ නැහැ.
ඇතැම් නිලධාරීන් නිරෝධායනය වීම මෙන්ම පිට පළාත්වලට යන නිලධාරීන් සෞඛ්‍ය රෙගුලාසි මත නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් අවශ්‍යතාව පරිදි කාර්ය මණ්ඩලය යොදා ගැනීමේ අපහසුතා ද පැන නැගී තිබෙනවා.
Discussion about this post