ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව් ගිනි මැඩපැවැත්වීමට ගිය හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක් වීමෙන් ගිනි නිවන භටයින් තිදෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කලේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයේදී යානය අනතුරට ලක්ව ඇති බවයි. ලැව් ගිනි තත්ත්වයන් පසුගිය දිනවල යම් පාලනය වීමක් දක්නට ලැබුණද අද දිනයේ සිට දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල යළිත් ලැව් ගිනි ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි. නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ පමණක් ලැව් ගිනි 100කට අධික සංඛ්‍යාවක් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන්නේ ලැව් ගිනි පැතිරීමේ අවදානමක් හේතුවෙන්. ඒ අනුව ගුවන් තොටුපළෙන් සිදුකරන සියලු ගුවන් ගමන් කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙන්න බලන්න තවත් පුවත්