ස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් තිබේ.

වසර 30කට පසුව සිඩ්නි නගරයෙන් වාර්තාවූ වැඩිම වර්ෂාපතනය මෙය බව එරට වාර්තා සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවට ඇතුල්වූ ඩේමියන් නිවර්තන සුළි කුණාටුව රට හරහා පැයට කිලෝමීටර් 200ක පමණ වේගයකින් හමා යමින් තිබේ.

ඒ සමඟ අධික වැසි ඇදහැලෙමින් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

සිඩ්නි නගරයට වසර 30කට පසුව  ලද වැඩිම  වර්ෂාපතනය මෙය බවද එම වාර්තාවල දැක්වෙයි.

පසුගිය දින 4 තුළදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට මිලිමීටර් 390 ඉක්මවූ වර්ෂාවක් ඇදහැලී තිබේ.

අධික වර්ෂාවත් සමඟ ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකින් ජල ගැලීම් වාර්තා වී තිබේ.

මහාමාර්ග රැසක්ද ගංවතුරට හසුවී තිබීම නිසා ප්‍රවාහන සේවා දැඩි ලෙස අඩාලවී ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

මේ හේතුවෙන් ජනතාවට නිවෙස් තුළම සිටින ලෙසත් බලධාරීන් උපදෙස් ලබාදී තිබුණි.

අයහපත් කාලගුණයත් සමග බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබේ.

ඉන් පුද්ගලයන් දසදහස් ගණනක් පීඩාවට පත්වී සිටින බවද වාර්තා වෙයි.

පසුගිය දිනවලදී ළැව්ගිනිවලින් එල්ලවූ ප්‍රදේශ ගංවතුරට හසුවීමේ වැඩි අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියානු කාලගුණ අංශ පවසයි.

මේ අතර විපතට පත්ව සිටින පුද්ගලයන්ට සහන සැපයිමේ මෙහෙයුමක්ද බලධාරීන් ආරම්භ කර තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්