අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් තවත් ලැව්ගින්නක් හේතුවෙන් අක්කර 750ක භූමියක් විනාශයට පත්ව ඇත.

කෙසේ නමුත් ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

කැලිෆෝනියා ප්‍රාන්තයට මහත් විනාශයක් කැදවූ ලැව්ගිනි තවදුරටත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

මේ හේතුවෙන් සාන්ත පාවුලා නගරයේ වැසියන් නිවාසවලින් ඉවත්කිරීමට  බලධාරීන් තීරණය කලේය.

සාන්ත පාවුලු නගර ආසන්නයේ ලදු කැලෑවක ආරම්භ වූ නව ගින්නකින් අක්කර 750කට ආසන්න භූමියක් දැවී යමින් පවතියි.

අමෙරිකානු වාර්තා පෙන්වා දෙන්නේ, මැරීනා ෆයර් ලෙසින් නම්කළ මෙම ගින්න, පළාතට දැඩි සුලං හමාඒම හේතුවෙන් ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

නගරයේ ජනාවාස සමීප දකුණු කදුකරයේ පැතිර යන ගින්න නිවාදැමීමට ගිනි නිවන භටයන් 250දෙනෙක් යොදවා ඇත.

කෙසේ නමුත් ලැව්ගිනි හේතුවෙන් කිසිවෙක් මියගිය බව හෝ තුවාල ලැබූ බවට වාර්තා වී නැහැ.

මෙන්න බලන්න තවත් පුවත්