අමෙරිකාවේ, විස්කොන්සින් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස රිය අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි ප්‍රෂන්තිකා ප්‍රනාන්දු නම් තරුණියක් වන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම තරුණිය සිය සේවා ස්ථානය වෙත සිය මෝටර් රථයෙන් යමින් සිටියදී ඉතා අවසනාවන්ත ලෙස සිදුවූ රිය අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණිය ගමන් ගත් වාහනය යම් කාර්මික දෝෂයකට ලක්ව මාර්ගයේ නතර ව තිබී ඇති අතර පසු පසින් පැමිණි ට්‍රක් රථයක් එම වාහනයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ප්‍රාන්ත පොලිසිය සැකපළ කරන්නේ.

UW- Green Bay සරසවියෙන් සිය උපාධිය සමත්වූ ප්‍රෂන්තිකා ප්‍රනාන්දු, වෛද්‍යවරියක් වීමේ අභිලාෂයෙන් සිය ඉදිරි කටයුතු සිදුකරමින් සිට ඇති බවයි මෙහිදී අනාවරණය වුයේ.

මෙන්න බලන්න තවත් පුවත්