ලබන 08 වන සඳුදා දිනයේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවරගෙන තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ පෞද්ගලික බස් සංගම් විසින් 08වන දින සිට වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවට ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
පෞද්ගලික බස්වර්ජනය හේතුවෙන් මගී ජනතාවට එල්ල වියහැකි බලපෑම අවම කිරීම සඳහා යළි දැනුම්දෙන තුරු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට පියවර ගත්බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම බස් රථ එදින සිට ධාවනයට යෙදවීමට ද තීරණය කර ඇති බවද කිංස්ලි රණවක මහතා පවසනවා.
Discussion about this post