රෝහීන්යා සරණාගතයින් රැගත් යාත්‍රාවක් බංග්ලාදේශයේ දකුණු මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය අය අතර ළමුන් මෙන්ම කාන්තාවන් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශයේ කදවුරක රඳවා සිටි රෝහින්යා සරණාගතයින් පිරිසක් රැගත් යාත්‍රාව මලයාසියාව බලා යාත්‍රා කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව සදහන්.

අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි පුද්ගලයින් 70 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්