රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති අතර, අගමැතිවරයා කොවිඩ්-19 පරීක්ෂණයට ධනාත්මක ප්‍රතිඵලයක් පෙන්වා තිබෙනවා. ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග සිදුකළ වීඩියෝ සාකච්ඡාවකදී අගමැතිවරයා විසින්ම මෙය නිවේදනය කරමින්, “මා විසින් සිදු කරන ලද කොරෝනා වෛරස් පරීක්ෂණ ධනාත්මකව නැවත පැමිණ ඇති බව දැනගන්නට ලැබුණා. ඒ නිසා මම ස්වයං හුදකලාවීමේ නීතිරීතිවලට බැඳී සිටිය යුතුයි. මගේ සගයන්ගේ ආරක්ෂාව සඳහා එය අනිවාර්යයෙන්ම කළ යුතුයි” යනුවෙන් පැවසීය.

ඒ අනුව වැඩබලන අගමැති ධුරය සඳහා මිෂුස්ටින් සිය නියෝජ්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් යෝජනා කර ඇති අතර, ජනාදිපති පූටින් විසින් බෙලූසොව් පත් කිරීමේ නියෝගයකට අත්සන් තබා ඇත.

මේ දක්වා රුසියාවේ දේශපාලඥයන් අතර ඉහළම පෙළේ නියෝජිතයෙකුට වෛරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, අද වනවිට රුසියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 106,000ක්

මෙන්න බලන්න තවත් පුවත්