රිය අනතුරුවලින් දිනකට 10 දෙනෙකු හෝ 11 දෙනෙකු මියයෑම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් රිය අනතුරු වළක්වා ගැනීමට ජනතාව මීට වඩා වැඩි අවධානයකින් කටයුතු කළයුතු බවයි.
රිය අනතුරුවලින් දිනකදී තුවාල ලබන සංඛ්‍යාව 40ක් දක්වා වර්ධනය වී ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියා.
ලංකාව තුළ දිනකට වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව 120ක් දක්වා ද වැඩි වී තිබෙනවා.
අධික වේගය, බීමත්ව රිය පැදවීම, මාර්ග සංඥා නොතකා කටයුතු කිරීම මෙම අනතුරුවලට මූලික හේතුව ලෙස හඳුනාගෙන ඇති අතර පසුගිය පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් සිදුවූ මරණ 11ක් පමණ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
ඉන් මරණ 09ක් ඊයේ සිදුවූ රිය අනතුරුවලින් සිදුව ඇති අතර තවත් මරණ 2ක් ඊට පෙර සිදුවූ අනතුරුවලින් රෝහල්ගතකර සිටියදී ඊයේ සිදුව තිබූ මරණයන් ය.
යතුරුපැදිකරුවන් 5 දෙනෙක් සහ පදිකයින් 4 දෙනෙක් එළෙස මියගිය අය අතර වනවා.
Discussion about this post