වැලිකඩ හා මැගසින් බන්ධනාගාරවල සිට පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා නොකැදවීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඔවුන් පාර්ලිමේන්තුවට ගෙන්වීම සඳහා අවසර ලබාදීමට එම කාරක සභාව එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුව දැනට බන්ධනාගාර ගතව සිටින රිෂාඩ් බදියුදීන් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් අද දිනයේ පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබුණේ නැහැ.
Discussion about this post