ගිනි අවියකට කල හැක්කේ ජිවිතයක් නැති කිරීම හෝ තවත් අයෙක් යටත් කර ගැනිමයි.

නැතහොත් අපරාධකරුවෙක් තවත් අපරාධයකට භාවිතා කිරීමයි.

අද උදෑසන දිවයිනේ විශේෂිත වු දිස්ත්‍රික්ක කිපයක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කෙරුණු අතර එම අවස්ථාවේ  අද දෙරණ කැමරා කාචයේ සනිටුහන් වු අපූරු ඡායාරූපයක් ගැන ඔබව මෙලෙස දැනුවත් කිරීමට සිතුවෙමි.

තම වගකීම ජීවිතය කර ගත්, දහසකුත් ජීවිත රකින්නට තම ජීවිතය අවදානමට ලක් කරන විශේෂිත වු පිරිසක් ලෙස ආරක්ෂක අංශ පෙන්වා දිය හැකියි.

නි‍රන්තරයෙන් තම ගිනි අවිය දෑතෙහි හොවා ගත් ඔවුන්ගේ ගිනි අවි කොපුව තුළ ගිනි අවි වෙනුවට අද දක්නට ලැබුණේ විෂබිජ නාෂක බෝතලයකි.

කොරෝනා වෛරසය රට ව්‍යාප්ත වීම මැඩලීමේ ක්‍රියාන්තවිතයේ පුරෝගාමින් ලෙස ‍සේවය කරන පොලිස් සේවය සියලු දෙනා නිරන්තරයෙන් ඇගයිය යුතු වෙයි.

මේ අද දිනයේ අම්බලන්ගොඩ නගරයේ ජනතා සේවයේ යෙදි සිටි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත ගුණසේකර මහතාගේ ගිනි අවි කොපුව තුළ මෙම විෂබීජ නාශක දියර බෝතලය දිස් විය.

මෙන්න බලන්න තවත් පුවත්