අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබුවා.
අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
Discussion about this post