රත්මලාන ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිස්පාදන ආයතනයක සේවකයින් විසි තුන් දෙනෙකුට කොරෝනා ආසානිය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ් අනුව ආසදිතයන් හදුනාගත් අදාළ නිෂ්පාදන ආයතනයේ ගබඩා සංකීර්ණයේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ත්‍රිකුණාමලය අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් අද(21) සිට යළි දැනුම්දෙනතුරු වසා දැමීමට කටයුතු කරන ලෙස පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසනවා.
පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කියා සිටියා ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා වෛරස ආසාදිතයින් පහළොස් දෙනෙකු වාර්තාවීමත් සමගින් මෙම තීරණය ගැනුණු බවයි.
Discussion about this post