ලංකාවට එන ‘රට විරුවන්’ හෝටල්වල නිරෝධායනය කරන්න යවලා මේ ආණ්ඩුව රුපියල් ලක්ෂ ගණනින් හුරාගෙන කන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
එසේම මන්ත්‍රීවරයා කියා සිටියේ ලැබුවා වූ 2021 නව වසරෙත් නිසි වැඩපිළිවෙළක් නොමැති වත්මන් ආණ්ඩුවට වැඩි ආයුෂ නොමැති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවරයා මෙලෙස කියා සිටියා.
කොරෝනා අවදානමක් එක්ක විදෙස් රටවල්වල සිරවී සිටින ‘රට විරුවන්’ ලංකාවට රැගෙන එන්න මේ රජය රුපියල් ලක්ෂ දෙකත් රුපියල් ලක්ෂ හතරත් අතර මුදලක් අය කරනවා. ඒ වගේම ඒ අය ලංකාවේ ගුවන් තොටුපළට රැගෙන ආවාට පසු එම පිරිස් නිරෝධායනය සඳහා හෝටල්වලට යොමු කරන්නත් රුපියල් ලක්ෂ දෙකක් අය කරනවා. මේක අසාධාරණයි. මේක තනිකරම මුදල් හුරාගෙන කෑමක්. ඒ වගේම මේක තනිකරම මාෆියාවක්.
දැන් පසුගිය අවුරුද්දේ ඇමෙරිකාවෙන්, චීනයෙන් දූත පිරිස් ආවා. ඔය කවුරුවත් නිරෝධායනය කළේ නැහැ. නමුත් මේ ආණ්ඩුව බලයට ආවේ එක නීතියක් එක රටක් කියලා. නමුත් බලයට ආවට පස්සේ එක එක අයට එක නීති. දැන් තියෙන්නේ ව්‍යාපාරිකයන් රජ කරන ආණ්ඩුවක්.
පිටරට රැකියා කරලා දුක් විඳලා හම්බ කරගත්තු සේසතම මේ ආණ්ඩුවට පූජා කරන්න අපේ රට විරුවන්ට සිද්ධ වෙලා. හරි කනගාටුයි, මේ ආණ්ඩුව කරන වැඩේ ගැන. මේ නිසා විදෙස්ගත අපේ ශ‍්‍රමිකයින් මානසිකව ඇද වැටිලයි ඉන්නේ.
Discussion about this post