කිසිදු අයුරකින් රට ලොක්ඩවුන් නොකරනවා යැයි තීන්දුවක් ගැනීම සඳහා යුද්ධ හමුදාපතිවරයාට බලපෑම් කළේ කවුදැයි ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රශ්න කරයි.

විශේෂයෙන් ම සෞඛ්‍ය අංශ කොවිඩ් මර්දනය ගැන තීන්දු ගන්නේ විද්‍යාත්මක පදනමකින් වන අතර මේ වන විට ඒ ඒ පළාත් භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු බලධාරීන්ගේ ඉල්ලීම රට ලොක්ඩවුන් කිරීම වුවත් හමුදාපතිවරයා තීන්දු ගන්නේ එම උපදෙස් හෝ ඉල්ලීම් මත නොවන බව ද ඒ මහතා ‘මව්බිම’ට පැවසීය.

ඔහු චෝදනා කළේ ලංකාව කොවිඩ් තුන්වන රැල්ලකට මුහුණ දුන්නේ ද ආණ්ඩුවේ මෙම උද්දච්ච හිතුවක්කාර හැසිරීම හේතුවෙන් බවයි.

තව ද වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව ගැන ද සැක සහිත බවත්  මීට ඉහතදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පැවැසූ පරිදි “කොවිඩ් පොසිටිව් වුවත් අදාළ මරණයට පත් වන  පුද්ගලයාට වෙනත් රෝගයක් තිබුණේ නම් එය කොවිඩ් මරණයක් ගනයට නොවැටෙන බව” යැයි ඔහු කළ ප්‍රකාශය ඊට හොඳ ම උදාහරණයක් බවත් ජයතිස්ස මහතා කීය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ පී.සී.ආර්. පරීක්ෂණ 21,000ක් ගොඩගැසී ඇතැයි රසායනාගාර පවසන බවත් එය බරපතළ තත්ත්වයක් බවත් ය.

මෙන්න බලන්න තවත් පුවත්