බොලිවියාවේ වාර්ෂික ඔරුරෝ සැණකෙළියට සමගාමීව පැවති ඉසව්වක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සැණකෙළිය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීමත් විශේෂත්වයක්.

බොලිවියාවේ වාර්ෂිකව පැවැත්වෙන ඔරුරෝ සැණකෙලියට සමගාමීව මේ ඉසව්ව සංවිධානය වී තිබුණි.

අලංකාර ඇඳුමින් සැරසුණු නර්තන ශිල්පීන්ගෙන් ඔරුරෝ පතල් නගරයේ වීථි පිරී ගොස් තිබුණි.

සාම්ප්‍රදායික සැණකෙළි ගී ගායනයේ යෙදෙමින්  ඉදිරිපත් කළ නර්තන අංග කාගේත් වැඩි අවධානයක් දිනා ගත්තේය.

එහි අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසයි.

වාර්ෂිකව මේ සැණකෙළියට වේදිකාව වන ඔරුරෝ මුහුදු මට්ටමේ සිට මීටර් තුන්දහස් හත්සීයක් පමණ ඉහළින් පිහිටා ඇති නගරයක්.

එම සැණකෙළිය යුනෙස්කෝව විසින් මානව වර්ගයාගේ වාචික හා අස්පෘශ්‍ය උරුමයක් ලෙස පිළිගැනීමට ලක්ව තිබේ.

ඔරුරෝ නගරයේ පැවැත්වෙන මෙම සැණකෙළිය වසර 200ක පමණ අතීතයේ සිට නොකඩවා පවත්වාගෙන එන සංස්කෘතිකාංගයක් වන අතර ඊට නර්තන ශිල්පීන් 6000ක් පමණ සහභාගී වෙයි.

මේ සැණකෙළිය නැරඹීමට වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ඔරුරෝ නගරය වෙත ඇදී එන බව සඳහන්.

මෙන්න බලන්න තවත් පුවත්