රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අක්කරේපත්තුව, ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
39 සහ 58 හැවිරිදි සැකකරුවන් ඔලුවිල් සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතව ඇත.
Discussion about this post