ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් මෙම රෙජිමේන්තුව පිහිටුවීමේ කටයුතු අද (12) දිනයේ දී සිදුකෙරුණි.
ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව මඟින් භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පියවර ගැනෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට මෙමඟින් සහයෝගය ලබාදෙන බවයි.
Discussion about this post