බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් සයිෆුඩීන් ආබාධයෙන් පසු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට නියමිතයි.

ඒ එළඹෙන සිම්බාබ්වේ සංචාරයේදීයි.

23 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් සයිෆුඩීන්  2019 වසරේ ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් විය.

ඒ අනුව ඔහුට මාස 4ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වු අතර ඔහුගේ වෛද්‍යවරුන් සඳහන් කර තිබෙන්නේ ඔහුගේ ආබාධය යථා තත්වයට පත් වෙමින් සිටින බවයි.

ඒ හේතුවෙන් මොහොමඩ් සයිෆුඩීන් එළැඹෙන සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වෙයි.

මොහොමඩ් සයිෆුඩීන් බංග්ලාදේශය වෙනුවෙන් එක්දින තරග 2ක් සහ විස්සයි විස්ස තරග 13ක් ක්‍රීඩා කර ඇති අතර එක්දින කඩුලු 20ක් සහ විස්සයි විස්ස කඩුලු 12ක් දවා ගැනීම

මෙන්න බලන්න තවත් පුවත්