මොරොක්කෝවේ ටැන්ජියර් නගරයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයකින් කම්කරුවන් 28 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටැන්ජියර් නගර ඇඳහැළෙන අධික වර්ෂාපතනයත් සමග එම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි.
ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් එලෙස මියගොස් ඇති අතර එහිදි තවත් කම්කරුවන් 10 දෙනෙකු මුදාගැනීමට සහන සේවකයින් කටයුතු කර ඇති බව වාර්තා වනවා.
Discussion about this post