• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 4:06 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මොන තරම් දේවල් ලැබුණත් තාම ඉස්සර උන්න කෙල්ලමයි – Photos සහිතයි

2020-11-15 ‍| 11:28 am
මොන තරම් දේවල් ලැබුණත් තාම ඉස්සර උන්න කෙල්ලමයි – Photos සහිතයි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

තමා රංගනයෙන් දායක වන හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයාගේ මනසේ රැඳෙනවා කියන්නේ එය ඇගේ හෝ ඔහුගේ දක්ෂතාවය. සඳනි ප්‍රනාන්දු මුලින්ම රඟපෑ හාර කෝටියේ රශ්මිගේ චරිතය තාමත් හැමෝටම මතකයි. ඒ වගේම මේ දිනවල අග්නි පියාපත්හි මාධවීගේ චරිතයත් බොහෝ දෙනාගේ කැමැත්ත දිනාගෙන තියෙනවා. බිරිඳක්, මවක්, දුෂ්ටයෙක් ලෙස රඟන ඇගේ ජීවිතයට මොහොතක් ළංවුණේ ඔබේ කැමැත්ත නිසාමයි.

‘‘අග්නි පියාපත්හි මාධවී කියන්නේ මගේ පස්වෙනි චරිතය. මවක්, බිරිඳක් ලෙස අත්දැකීමක් නැති නිසාමයි මේ චරිතය කැමැත්තෙන්ම භාරගත්තේ. මොකද අභියෝගයක් තියෙනකොට රඟපාන්න හරිම ලේසියි.
කොහොමත් මම හැමදාම ජීවිතේ අභියෝග එක්ක ගත කරපු කෙනෙක්. මාරවිල ඉපදිලා නිගම්බු සවුත් ඉන්ටර්නැෂනල් එකේ ඉගෙන ගන්න කාලේ කවදාවත් නිළියක් වෙයි කියලා හිතුවේ නැහැ. උසස් පෙළට කළමනාකරණ විෂයත් තෝරාගත්තේ කවදා හරි රස්සාවක් කරන්න කියලා හිතාගෙන. නමුත් 2017 අවුරුද්දේ මගේ ජීවිතේ හැම දෙයක්ම කණපිට පෙරලුණේ මමවත් නොහිතපු විදිහට.

ඒ අවුරුද්දේ අයි.ටී.එන්. අවුරුදු කුමාරි තරගයට මම ඇප්ලිකේෂන් එකක් දැම්මේ ඇයි කියලා මටවත් හිතාගන්න බැහැ. එතනින් නවතින්නේ නැතුව ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරිට ඉල්ලුම් කළේ කලාවට තිබුණ දැඩි කැමැත්ත නිසාම වෙන්න ඇති. මගේ ඉගෙනීමේ කටයුතු එතනින් තාවකාලිකව නතර කරන්න සිද්ධ වුණා.

අපේ පවුලෙත් කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් උන්නේ නැහැ. පුංචි කාලේ අම්මා කියන හැටියට මට පුදුම දාංගලයක් තිබිලා තියෙනවා. නමුත් දවසින් දවස මම මුහුකුරා එනකොට බොහෝම නිහඬ චරිතයක් බවට පත්වෙලා.

මා දිහා බලන සමහරු මගේ නිහඬ බව නිසාම මම මහ ගුප්ත කෙනෙක් කියලත් කියනවා. නමුත් මම ගුප්ත නැහැ. ක්​ෂේත්‍රයට ආපු දවසේ ඉඳලම බොහෝම ඉවසීමෙන් මම ඒ දිහා බලාගෙන ඉන්නවා. හොඳින් අධ්‍යයනය කරනවා. මම රංගනය පැත්තට යොමු වෙනකොට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ නිසාම වෙන්න ඇති මම ඉස්සරහට තල්ලු වුණේ.

මුලින්ම කැමරාවට මුහුණ දුන්න දවස තාමත් මතකයි. හාරකෝටිය රශ්මිගේ චරිතය. රශ්මි ඩාන්සින් ක්ලාස් එකේ ඉන්නවා තමා මුලින්ම රූපගත කළේ. මුලින්ම මෙය ආගන්තුක බවක් ගෙනාවත් ඉතා ඉක්මනින්ම චරිතයට හුරුවෙන්න මට අවස්ථාව ලැබුණේ මගේ කැපවීම නිසාමයි. ඊට පස්සේ රංගනය ඉගෙන ගන්න ඕනේ කියන එක මට දැනුණා. මොකද වෘත්තියක් හැටියට මම රංගනය තෝරාගන්නවා නම් ඒ ගැන දැනුවත් වීම හරිම වැදගත් නිසා. රඟපාපු හැම අවස්ථාවකම මට දශමයක් හරි උඩට යන්න අවස්ථාව ලැබුණා. ඒ හැම වෙලාවෙම මට හිතුණේ මම ඉපදිලා තියෙන්නේ කලාව වෙනුවෙන්මයි කියලා.

බොහෝ අය මගෙන් අහනවා කලාව වෘත්තියක් කරගෙන මේක ඇතුළේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා. හරියට වැඩ කරනවා නම් ජීවත් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ හොඳ රංගන ශිල්පීන් අතරේ තරගකාරීත්වයක් තියෙනවා. ඒ තරගකාරී බව ඇතුළේ හරියට ගියොත් තමා හොඳ චරිත ලැබෙන්නේ. වෘත්තීය නිළිය කියන සීමාව ඇතුළේ අපි අපේ රංගනය බාල්දු කරගන්න හොඳ නැහැ. ලැබෙන හැම චරිතයක්ම භාරගැනීම නෙමේ වෘත්තීය නිළිය කියන්නේ. ප්‍රේක්ෂකයාගේ මනසට බලපෑමක් කළ හැකි චරිතයි කරන්න ඕන. මම හැම වෙලාවේම එය කරන්න උත්සාහ කරනවා.

මිනිස්සු විවිධ කතා කියයි. නමුත් ඒවට පියාඹන්න දෙන්න හොඳ නැහැ. සමහරු මගෙන් අහනවා රඟපාලා විතරක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මට දෙන්න තියෙන උත්තරේ තමා පුළුවන් කියන එක. මොකද මම ආවේ රඟපාන්න. වෙන වෙන දේවල් කරන්න නෙමේ. වෙන වෙන දේවල් කරලා වෘත්තිය බාල්දු කරන්න ඕන නැහැ. දෙවියන්ගේ පිිහිටෙන් හොඳ චරිත කීපයක් ලැබුණා මිසක් කිසිම අයුතු යෝජනාවක් මේ ක්ෂේත්‍රයේදී මට ලැබුණේ නැහැ. තමන් හරියට ඉන්නවා නම් ප්‍රශ්න ඇති කරගන්නේ නැතිව හොඳ ගමනක් යන්න පුළුවන්.

රඟපාන ගමන් මෝස්තර නිර්මාණ පැත්තට යොමුවෙන්න කැමැත්තක් තියෙනවා. කාලයක් මමත් මොඩ්ලින් කරපු නිසා මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න මට සුදුසුකම් තියෙනවා කියලා විශ්වාස කරනවා.
කොච්චර දේවල් ලැබුණත් බොහොම සරලව ඒ දේවල් විඳගන්න තමයි මම කැමති. මම හිතන්නේ ඒ සරල බව දැන් මගේ ජීවිතේ කොටසක් වෙලා. රඟපාන චරිතයේ ජීවත් වෙන්නේ ඒ මොහොතේ විතරයි. නැත්නම් මම මගේ පාඩුවේ නිහඬව ඉන්න කැමැතියි. ඇඳුමක් ඇන්දත් සරල ඇඳුමක් ඇඳගෙන යන්න හරිම කැමතියි. මම හිතන්නේ සරලකම තරම් නිදහසක් මේ ලෝකේ තවත් නැහැ.

විවේකයෙන් ඉන්න මොහොතක සංගීතය තමා මගේ තනිය රකින්නේ. ඒ තරමටම මම සංගීතයට ප්‍රිය කරනවා. මගේ යාළුවෝ කියන්නේ සංගීතය මම පතාගෙන ආපු දෙයක් කියලා.

ඒ කතාවට මම සීයට සීයක් එකඟයි. මොකද සංගීතය දැන් මගේ ජීවිතයේ අපේ ආදරය බවට පත්වෙලා. මොකද මම ආදරය කරන කෙනාත් බොහෝ සෙයින් සංගීතයට ලැදි කෙනෙක්. ඔහුගේ ජීවිතයත් සංගීතයම තමයි. මගේ ආදරය ඔහු වයන තනුව කියලා මම විශ්වාස කරනවා. මම ආදරවන්තියක් කියලා ලෝකෙටම දැනෙන්න කෑගහලා කියන්න ඕන. නමුත් ඒ දේට මම තව චුට්ටක් කල් ඉල්ලනවා. දැනට මම මෙහෙම කියන්නම්.

ඔව්, මම ආදරවන්තියක්. ඉමක් කොනක් නැති සංගීතය තරම් විශාල ආදරයක් ලබන යුවතියක්. මම මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ තමා ඔහු මට මුණගැසෙන්නේ. දැන් ඔහුගේ ආදරය මාව ජිවත් කරනවා. දැනට ඇති නේද? වැඩි විස්තර මම අනාගතයේ කියන්නම්කෝ.

මේ ගෙවෙන්නේ අවිවේකී කාලසීමාවක්. අග්නි පියාපත් රූපගත කිරීම් එක්ක මාව හොඳටම හිරවෙලා. මේ නාට්‍යයේ චරිතය තමා මගේ ජීවිතේ ලොකු වෙනසක් කළේ. සද්දාමංගල සූරියබණ්ඩාර හා චාමර සමරවික්‍රම එක්ක මම කලින් වැඩ කරලා තියෙනවා. ඒ හුරුවට තමා ඔවුන් මට මේ චරිතය ලබාදෙන්නේ. එයාලත් එක්ක කරන තුන්වෙනි වැඩේ නිසා මට පිටපතක් කියවන්න අවශ්‍ය වුණේ නැහැ. ‘‘කමක් නැහැ කියවලා බලන්න, චරිතයට ඇතුල් වෙන්න ලේසියි.’’ ඔවුන් මාව දිරිමත් කළේ ඒ ආකාරයට. දයාබර බිරිඳක් ලෙස පටන් අරගෙන දුෂ්ට ගැහැනියක් ලෙස යන අවසානයට ප්‍රේක්ෂකයන්ගෙන් උපරිම ප්‍රතිචාරය ලැබෙනවා.
සාරංග අයියා, බිමල් අයියා සමග රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක් හැටියට මම දකිනවා. ඒ වගේම මමත් සමග රඟපාන ශලනි තාරකා ලබාගත් ජනප්‍රිය හා හොඳම නිළිය සම්මානය ගැනත් මම ඇයට හදවතින්ම සුබ පතනවා.

තාම මගේ නම නම් සම්මාන උළෙලවල් සඳහා නිර්දේශ වෙලා නැහැ. මොකද තාම මම මේ ගමන පටන් ගත්තා විතරයි. අනාගතේ දවසක මගේ නමත් සම්මාන එක්ක කියවෙන දවසක් එනකම් මමත් මහන්සි වෙලා වැඩ කරනවා. මගේ ජීවිතෙත් ඉලක්ක ගොඩක් තියෙනවා. ඒ දේවල් මම ප්‍රසිද්ධියේ කියන්න කැමැති නැහැ. ඒ දේවල් මම බොහොම රහසිගතව සඟවාගෙන ඉන්නවා. අනාගතයේ ප්‍රතිඵල ආවම ඒ දේවල් දැනගන්න ලැබෙයි.

පුංචි තිරයෙන් සිංහල සිනමාවට අවතීර්ණ වීමේ අවස්ථාව මම පසුගියදා උදාකර ගත්තා. 1997 ලව්ස්ටෝරි චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ හා අශාන් ඩයස් වගේ ජනප්‍රිය තලයේ නළුවන් සමග රඟපාන්න ලැබීම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. හොඳ චිත්‍රපට රඟපාන්න ඉදිරියේදී ලැබෙයි කියලා විශ්වාස කරනවා.

වෙලාවක් ලැබෙන වෙලාවට චිත්‍රපට බලනවා. කේට් වින්ස්ලට්ගේ ‘ද ලීඩර්’ චිත්‍රපටය හරිම කැමැත්තෙන් බැලුවේ. ඉස්සර ගෙදර ඉන්න කාලේ යශෝධාගේ රඟපෑම් බලන්න මම හරිම කැමැතියි. දැන්නම් ක්ෂේත්‍රයේ හුඟාක් අය දන්න හඳුනන නිසා මෙයාට කැමැතියි කියලා කියන්න බැහැ.

මොන තරම් දේවල් ලැබුණත් තාම සඳනි ඉස්සර උන්න කෙල්ලමයි. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම මාරවිල ගිහින් මුහුද දිහා බලාගෙන ඉඳලා එන්න කැමැතියි. නිහඬව, නිසංසලව හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. සඳනි කියන්නේ එහෙම චරිතයක්. කවුරු හරි කියනවා නම් ඒක මගේ ගුප්ත ගතිගුණයක් කියලා මම දෙවැනි පාරටත් කියනවා ඒ තමා මගේ හැටි.’’

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

ShareTweetSendShare

Related Posts

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
4
“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව
Gossip Mania

“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව

2021-03-06
5
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව
Gossip Mania

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්
Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
11
හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos
Gossip Mania

හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos

2021-03-05
6
දිනක්ෂිගේ නවතම හැඩ – Photos
Gossip Mania

දිනක්ෂිගේ නවතම හැඩ – Photos

2021-03-05
4
Next Post
වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වාහනයට ප්‍රහාරයක් – ආරක්ෂක නිලධාරියාට අහසට වෙඩි තියලා

වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වාහනයට ප්‍රහාරයක් - ආරක්ෂක නිලධාරියාට අහසට වෙඩි තියලා

කොළඹ Lockdown ප්‍රදේශවල BOI හා EDB කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවසර

කොළඹ Lockdown ප්‍රදේශවල BOI හා EDB කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවසර

Discussion about this post

MORE LOCAL NEWS

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
3

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
0
6

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා...

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
0
4

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
11
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk