මෙරටින් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් නයින්ටීන් හෙවත්නව කොරෝනා වෛරසය ආසාදිතයින් අතර විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ. 

වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඉන්දීය සහ ප්‍රංශ ජාතිකයෙකු ඒ අතර වන බවයි.

ඔවුන් අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්. 

මේ වන විට නව කොරෝනා වෛරසය  ආසාදිතයින් 50 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති අතර සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන 212 දෙනෙකු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වේ.

මෙන්න බලන්න තවත් පුවත්