රෝහලකට අත්‍යාවශ්‍ය වන මෘතශරීරාගාරයක් නොමැතිකමින් වසර ගණනාවක සිට පීඩාවට පත්ව සිටින පිරිසක් පිළිබඳව කිතුල්ගල ප්‍රදේශයෙන් අපට වාර්තා විය.

ඒ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කොළඹ – හැටන් මාර්ගයේ පිහිටා ඇති කිතුල්ගල ප්‍රාදේශීය රෝහලයි.

‍කරවනැල්ල රෝහලට කිලෝමීටර් 25 ක් දුරින් සහ ගිනිගත්හේන රෝහලට කිලෝමීටර් 20 ක් දුරින් මෙම රෝහල පිහිටා තිබේ.

කිතුල්ගල ප්‍රදේශය අවට ජීවත් වන ජනතාව මෙන්ම පැමිණෙන සංචාරකයින්ටද හදිසි අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා ඇත්තේ කිතුල්ගල ප්‍රාදේශීය රෝහලයි.

නමුත් කලක් තිස්සේ මෙම රෝහලේ පවතින අඩුපාඩුවක් වන මෘත ශරීරාගාරයක් නොමැතිකමින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.

ඒ අනූව මිය ගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සිදුව ඇත්තේ මෙම මෘත ශරීරාගාරයෙන් පිටතයි.

ජනතාව පවසන්නේ සබරගමුව පළාත් සභාව යටතේ පවතින කිතුල්ගල ප්‍රාදේශීය රෝහලට කඩිනමින් මෘත ශරීරාගාරයක් ලබා දෙන ලෙසයි.

මිනියක් කපා ගැනීමට ස්ථානයක් නොමැති බවත්, හදිසියේ සිදුවන අනතුරුවලින් මිය යන පුද්ගලයින්ගේ සිරුරු පිලිකන්නේ දමා ගෙන අදාළ කටයුතු සිදු කිරීමට සිදුවන බවත් රෝහල් සේවකයින් පවසයි.

එමෙන්ම මෘත ශරීර රැගෙන යෑමට පැමිණෙන පුද්ගලයින් පවසන්නේ ද පැය ගණනක් තම මෘත දේහය ලබා ගැනීමට බලා සිටින බවයි.

ඒ නිසාවෙන් දුප්පත් ජනතාව වශයෙන් මෙයට අවශ්‍ය පියවර ගෙන සහනයක් ලබා දෙන්නැයි එම ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්