හඳුනාගැනුණු ආසාදිතයන් අතුරින් ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා මරණය ඊයේ රාත්‍රියේ වර්තා වුණු අතර ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.

මාරවිල ප්රරදේශයේ පදිංචිව සිටි අදාළ පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන්ගෙන් ද පෙළුණු බවට වාර්තා වෙයි.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බවයි.

ඒ අනුව දේහය පිළිබඳ අදාහන කටයුතු අද පෙරවරුවේ සිදු කළේය.

ඒ පොලිසියේ සහ සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේයි.

මෙන්න බලන්න තවත් පුවත්