සන් ඩෝග් ලෙස හඳුන්වන එකවර සූර්යයන් කිහිපදෙනෙකු දර්ශනයවීමේ දුර්ලභ සංසිද්ධියක් දැකබලා ගැනීමට චීනයේ මොංගෝලියානු ස්වයංපාලන කලාපයේ වැසියන්ට පසුගියදා අවස්ථාව උදා විය.

වායුගෝලයේ , ජල වාෂ්ප ඝනීභවනය වී ඇති ස්ථානවලින් සූර්ය කිරණ ගලා යාමේදී ආලෝකය වර්තනයවීම මෙම සංසිද්ධියට හේතුවයි.

මියගිය තම දියණිය, අථත්‍ය යථාර්ථ හෙවත් virtual reality තාක්ෂණය ඔස්සේ යළි දැකබලා ගැනීමට දකුණු කොරියාවේ මවකට අවස්ථාව ලැබුණි.

රුධිරය ආශ්‍රිත රෝගයක් නිසා මීට තෙවසරකට පෙර සමුගත් ආදරණීය දියණිය යළි දැකගන්නට ලැබුණු අවස්ථාවේදී මව සංවේදී වු අවස්ථාව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැරිය ක්‍රීඩා කිරීම සඳහා නිතර ආ ගිය උද්‍යානයේ ආකෘතියට නිර්මාණය කළ කෘත්‍රිම පරිසරයකදී මව සහ දියණිය මෙලෙස එකිනෙකා හමු විය.

මෙන්න බලන්න තවත් පුවත්