ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 193 දෙනා අතරින් 147 දෙනෙකුම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් බවයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 99 දෙනෙකු, කළුතරින් ආසාදිතයන් 28 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 08දෙනෙකු වාර්තාවී තිබෙනවා.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 07දෙනෙකු, මඩකලපුවෙන් රෝගීන් 06 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 04 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු වාර්තාවී ඇති අතර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණයි.
මේ අතර කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය දිනූකා ගුරුගේ සඳහන් කළේ කොළඹ – කොටුව, මැනිං වෙළඳපල අවට ප්‍රදේශයේ පසුගිය දින දෙක තුළ සිදුකළ පී සී ආර් පරීක්ෂණ වලින් නාට්ටාමිවරුන් 67 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි.
Discussion about this post