නාරම්මල නගරයේ මහමඟ ඇදවැටී මියගොස් සිටි වයස අවුරුදු 56ක් පමණ වන යාචකයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙනවා. ඒ ඔහුගේ දේහය සම්බන්ධයෙන් දඹදෙණිය මූලික රෝහලේදී ඊයේ දිනයේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී.
මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ සේවකයින් 46 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ හඳුනාගෙන තිබෙනවා . ඒ අනුව එහි සෙසු සේවකයින් 1100 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
Discussion about this post