විදෙස් රටවලට අපනයනය කරන තේ වල කීර්ති නාමයට හානි වන අයුරින් කසල තේ විදෙස්ගත කරන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිද්ධියට අදාළව ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයා මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින බවටයි.
කෙසේ වෙතත්, ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනෙකු මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
Discussion about this post