මහනුවර – උඩුවෙල මාර්ගයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එක් තරුණයෙකු මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ගැටුම අතරතුර එක් තරුණයෙකු මියගිය තරුණයා මාර්ගය දෙසට තල්ලු කර ඇති අතර මාර්ගයේ පැමිණි බස් රථයකට යටවී ඔහු මියගොස් ඇති බවයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක උඩුවෙල ප්‍රදේශයේම පදිංචි තරුණයෙක් වන අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Discussion about this post