මැදවච්චිය පොලිස් වසමේ තුලාවෙල්ලිය ප්‍රදේශයේ දී රනවරා මල් කැඩීම සඳහා කැලයට ගොස් සිටි අඹුසැමි යුවලකගෙන් කාන්තාවකට වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇත.

ඊයේ(09) උදෑසන 10.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

වන අලි පහර දීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පරසන්ගස්වැව ලිපිනයේ පදිංචිකාරියෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට බාර දී ඇති අතර මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

මෙන්න බලන්න තවත් පුවත්