• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 12:03 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මම රඟපාන්නේ මුදල් හොයන්න නෙමේ – මිෂෙල් දිල්හාරා

2021-01-24 ‍| 8:32 am
මම රඟපාන්නේ මුදල් හොයන්න නෙමේ – මිෂෙල් දිල්හාරා
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

තරුණ නිළියක් රඟපාන්න වැඩියෙන්ම කැමැති චරිතය මොකක්ද කියලා ඇහුවොත් උත්තරය වෙන්නේ පෙම්වතියගේ චරිතය කියන එක. සුන්දර නිළියක් වුණත් මිෂෙල් දිල්හාරාගේ කැමැත්ත ඒක නෙමේ. කටුක දුක්විඳින කර්කශක යුවතියකගේ චරිතය ඇය හැමවිටම පණපොවන්න කැමතියි. සුදු ඇඳගෙන කළු ඇවිත් අයෝමා වගේම මේ දිනවල මැටි කඩුලු සකී කියන්නේ වෙනස්ම චරිතයක්.

මම ලස්සනයි කියලා හැමෝම කියනවා. ලස්සන කෙසේ වෙතත් මම සරල සාමාන්‍ය කෙල්ලෙක් වගේ ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. අනිත් කාරණාව තමයි රංගනයේදී වුණත් මම සමාජයට වැඩක් ඇති දෙයක් වෙනුවෙන් රංගනය ලබාදෙන්න කැමැතියි. රූප රාමු අතරේ පෙම්වතියක් වෙලා ෆැන්ටසියක හීන බලනවාට වඩා හොඳ දෙයක් කරලා මැරිල යන එක හොඳයි කියලා හිතුණ වාර අනන්තයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍යයේ අයෝමා කියන්නේ තාත්තා අහිමි වෙච්ච දරුවෙක්. Can you here me එකේ අම්මා අහිමි දියණියක්. මැටි කඩුලු නාට්‍යයේ කිසා කියන්නෙ ආර්ථික ප්‍රශ්න නිසා අම්මා රට ගිය දියණියකගේ චරිතයක්. මේ හැම චරිතයක්ම සමාජයේ ජීවත් වෙනවා. සමහර විට ඔවුන්ට මෙතනින් එහාට යන්න බැරුව අසරණ වෙලා ඉන්න පුළුවන්. ඒ හැමෝම වෙනුවෙන් තමයි මම සමාජයේ ප්‍රශ්න විතරක් කතා කරන චරිත තෝර ගන්නෙ.

මම රඟපාන්නේ මුදල් හොයන්න නෙමේ. ජීවත් වෙන්න යම් මුදලක් ලැබුණාම ඇති. සමාජය වෙනුවෙන් කළ යුතු කාර්යභාරය විශාලයි. ඒක හැමොටම අමතක වෙලා. මේ ජීවත් වෙන සමාජයට අපෙන් ඉටු විය යුතුකම අමතක කළොත් අනාගත සමාජයක් ඉතිරි වෙයිද. තෝරා බේරාගෙන හරි ඒ යුතුකම වෙනුවෙන් මම පෙනී සිටිනවා.
සමාජයේ අසාධාරණය ගැන කතා කරනකොට ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්න ගැනත් කතා නොකර බැහැ. නවක නිළියකට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමේදී සිදුවන අසාධාරණකම් ඇයගේ දුක්විඳින යුවතිය නමැති භූමිකාව තුළ නැද්ද යන ප්‍රශ්නය මතු වුණා.

මම නම් ඒ වගේ දේවල්වලට මුහුණ දීලා නැහැ. හැබැයි ඔය වගේ ප්‍රශ්න ගැන කතා කරනවා ඇහිලා තියෙනවා. ඒක අහිංසක යුවතියක් මුහුණ දෙන ප්‍රශ්නයක් හැටියට ගන්න පුළුවන්ද. ක්ෂේත්‍රයේ අනෙක් කෙනාට පරයා යන්න දරන උත්සාහය තුළ සිදුවන මෙවැනි කතා ගැන කතා කිරීමත් නිෂ්ඵලයි. රැකියාවේ ඇති වැදගත්කම තේරුම් අරගෙන වැඩ කළොත් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ. අත්දැකීමෙන්මයි මම එය කියන්නෙ. තමන් ආවේ රඟපාන්න නම් එය නිවැරදිව කළ යුතුයි. එහෙම නැතිව කෙටි පාරවල්වලින් යන්න ගියාම තමයි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ.

පුංචි තිරයෙන් මිදී සිනමාවට ඇතුළු වෙන්න කැමැත්තක් ඇය තුළ හංගාගෙන තියෙනවා.

චිත්‍රපටයක රංගනය සඳහා ඇරයුම් ලැබිලා තියෙනවා. කොරෝනා ප්‍රශ්නය නිසා තමයි වැඩේ ප්‍රමාද වුණේ. ඉතා ඉක්මනින් එහි කටයුතු ආරම්භ කරන්න කැමැත්තෙන් ඉන්නවා.

රංගනයට අමතරව පරිසර හිතකාමියෙක් ලෙස ඇය ලෝකය පුරා සංචාරය කරනවා වගේම එහි නිලතලද දරන සාමාජිකාවක්. දැවැන්ත චරිත සමග මෙහිදී ඇයට කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

Earth day Network ආයතනය අද වෙනකොට ලෝකයේ රටවල් 193 පුරා විහිදුණ පරිසර සංවිධානයක්. එම සංවිධානයේ ශාඛා 75,000කට වඩා ලෝකය පුරා පැතිරිලා තියෙනවා. මෙම සංවිධානයේ උපදේශක කමිටුවේ හොලිවුඩ් නළු ලියනාඩෝ ඩී කැප්‍රියෝ හිටපු ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කේරී, අනිල් කපූර් වගේ අය කටයුතු කරනවා. මෙම සංවිධානය ආසියාතිකයන්ට තනතුරු ලබාදීමේදී ජුහි චවුලා, මිස් මැලේෂියා මලීසා සහ ශ්‍රී ලංකාවෙන් මාව තෝරා ගත්තා. ඉතින් මම ආඩම්බර වෙනවා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවන් තනතුරක් දරන්න තරම් සුදුස්සෙක් වීම ගැන.

රජ මාලිගාවේ ඉඳන් දුප්පත් ගෙදර දක්වා මට යන්න ලැබුණේ නිළියක් වෙච්ච නිසා. දේශපාලකයෙක්ගේ දුවෙක් හැටියට වගේම අන්ත අසරණ යුවතියකගේ චරිතයට මම මුහුණ දුන්නා. මගේ නිල ෆේස් බුක් පිටුවට සම්බන්ධ වුණොත් හැමෝටම මේ දේවල් මගෙත් එක්ක බෙදා ගන්න පුළුවන්. සුදු ඇඳගෙන කළු ඇවිත් නාට්‍යයේ මම දාපු වීඩියෝවලට මිලියන ගාණක ප්‍රතිචාර ලැබිලා තිබුණා. දැන් මම රඟපාන මැටි කඩුලු නාට්‍යයේ වීඩියෝ එකට ලක්ෂ දෙකකට ආසන්න ප්‍රතිචාර පැයක් ඇතුළත ලැබුණා. සමාජය වෙනුවෙන් මට යමක් කරන්න ශක්තිය ලබාගත්තේ මේ ප්‍රතිචාර වලින්. ඒ ශක්තිය ලබා දෙනවාට හැමෝටම ගොඩක් පින්.

ShareTweetSendShare

Related Posts

තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි –  එම්.ජී. ධනුෂ්ක
Gossip Mania

තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි – එම්.ජී. ධනුෂ්ක

2021-02-27
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී
Gossip Mania

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
මුල් පුටු 152ක් නියෝජනය කරන කාන්තාවන්
Gossip Mania

මුල් පුටු 152ක් නියෝජනය කරන කාන්තාවන්

2021-02-27
2
Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම
Gossip Mania

Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම

2021-02-27
1
කරීනාට පුතෙක් – Photos
Gossip Mania

කරීනාට පුතෙක් – Photos

2021-02-27
10
රහසේම විවාහ වූ Shailene සහ Aaron – Photos
Gossip Mania

රහසේම විවාහ වූ Shailene සහ Aaron – Photos

2021-02-27
4
Next Post
මහ බැංකුවෙන් පැනවූ නියෝගය

වාණිජ බැංකුවලට මහ බැංකුවෙන් දැනුම්දීමක්

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ

වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50ක් සොයා ගැනේ

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්න – අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අගමැති කියයි

2021-02-27
0
2

රට තුළ ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවට, ශ්‍රී ලංකා අපනයන...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 205ක් – සමස්ත ආසාදිතයින් ගණන 425ක්

2021-02-27
0
7

අද (27) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගත් බව යුද හමුදාපති...

බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආසාදිතයින් 4855ක් දක්වා ඉහළට

2021-02-27
0
3

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

2021-02-27
0
2

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 748 දෙනෙකු අද දින සුවය...

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

2021-02-27
0
6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ...

Sports News

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
4
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk