• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 6:57 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මම මාස 14ක් රට පාලනය කළාට මාධ්‍ය නිදහසට බාධා එල්ල කලේ නැහැ – ජනපති කියයි (VIDEO)

2021-03-20 ‍| 7:35 pm
මම මාස 14ක් රට පාලනය කළාට මාධ්‍ය නිදහසට බාධා එල්ල කලේ නැහැ – ජනපති කියයි   (VIDEO)
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතනය අයිති පුද්ගලයාගේ නිදහස නොවන බවත් මාධ්‍ය ආයතනයේ හිමිකරුවාගේ අවශ්‍යතාවය මත රට පාලනය කිරීමට යෑම මාෆියාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

‘පුදුම මාධ්‍ය කට්ටියනේ ඉන්නේ. මාධ්‍ය ආයතන. දැන් මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නෙමෙයි නේ. ඒක මාෆියාවක්. මාධ්‍ය ආයතනයට අවශ්‍ය විදිහට රට දුවන්න හදනවනම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජාලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. මෙහෙ රජයවල්, පාලකයා පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා පාඩම් උගන්වන්න ඕනේ නම් ඒවා කරන්න. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් රට පාලනය කළා. මම කිසිම මාධ්‍ය ආයතනයක් පාලනය කරන්න ගියේ නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකට නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒ නීති ක්‍රියාත්මක කරනවා.

ඒ මාධ්‍ය පමණක් නෙමෙයි ජාතික චින්තනය ඉන්න මාධ්‍යත් සමහර අය බොරු කුඹුක් ගස් කපුවා කියල බොරු දාලා තිබ්බා. මම හොයා බැලුවා. යුද්දේ කාලේ අපිට විරුද්ධව ඔය මාධ්‍ය තමයි වැඩ කලේ. කණ්ඩායමක් රිංගගෙන මේවා ප්‍රචාරය කරණවා.යුද්දේ කාලේ අපිට විරුද්ධව හිටපු අය දැන් ආපහු නැගිටලා.

ඔබලා දන්නවා මම එනවා කියලා කියද්දීත් පාරවල් හැදෙනවා. අපි පාරවල් හදන කොට සමහර අය චෝදනා කරනවා. අද අවාසනාවන්ත සිදුවීමක් උනා. බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළුනා. 14 දෙනෙකු මරණයට පත්වුනා තවත් 43ක් තුවාල වුනා. ඒ පාරවල් පටුයි. බස් වේගයෙන් යනවා. මෙහෙතේ ඒ වගෙයි. හුඟක් අය අපිට බනිනවා. පරිසරයට හානි කරනවා කියලා. මම ආදරෙයි පරිසරයට. ගම්මාන වල ඉන්න අය කවදාවත් පරිසරයට. විශේෂයෙන්ම මම පරිසරය ගැන හොද අවබෝධයක් තියෙනවා. ඔය කතා කරන අය, සංවිධාන නෙමෙයි. යුද්ධයෙන් පස්සේ කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයක්. කුණු පිරිලා විනාශ වෙලා තිබුනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙසට මම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශය හරිත නගරයක් කළා. උද්‍යාන හැදුවා, තෙත් බිම් ආරක්ෂා කළා. ජලාශ හැදුවා, මේ කොළඹ නගරයේ. ගංවතුර පාලනය කළා. කුණු අහක් කළා. මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කළා. ඒක තමයි පරිසරය කියන්නේ. විශාල වැඩකොටසක් කළා.

නිදහස් චතුරශ්‍රය වගේම පාර්ලිමේන්තුව ළඟ දැන් ලොකුවට තියෙන ගස් සිටෙව්වේ මමයි. ඔය කතා කරන අය සංවිධාන මොනවාද කලේ කියන්න දන්නේ නැහැ.

ලෝක බැංකුවෙන් ණයක් අරන් හැදුවා විහාර මහා දේවි උද්‍යානය ලස්සනට හැදුවා. එකත් විනාශ වෙලා තිබුනේ. ඊයේ උදේ මම දැක්කා විහාර මහා දේවි උද්‍යානය අසල ලොකු බිල්බෝඩ් එකක් ගහලා රූප වගයක් ඇදලා. ඒක නෙමෙයි පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ. මම කොළඹ පුරාවට පෝස්ටර් අලවන එක, බිල්බෝඩ් ගහන එක නතර කළා. ඒක නෙමෙයි පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ. මම ප්‍රායෝගිකව පරිසරය ආරක්ෂා කරනන් ක්‍රියා කරපු කෙනෙක්. පරිසරය සංවර්ධනය කරන්න ඕන.

ගමකට පාරක් අවශ්‍ය නම් ඒ පාර අපි හදලා දෙන්න ඕන. මම එනකොට ගමේ අය සමග කතා කළා. ඒ අයට පාරක් නැතුව ගොඩක් දුක් විදිනවා. දැන් ආදිවාසීන්ට කියනවා කැලේ ඉන්න එපා කියා. කැලේ යම් වරදක් සිදුවනවා නම් එය නිවැරදි කරන්න ඕන. මේ හැම අමාත්‍යාංශයක් තියෙන්නේ ජනතාව ජිවත් කරවන්න.

රටේ ජනාධිපතිවරයා හැටියට මම මිනිස්සු ලඟට ගිහින් ඒ අයගේ ප්‍රශ්න කිව්වම ඇහුනේ නැහැ වගේ යන්නද? මම අද දැක්කා පත්තරේ කෑගහන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් තමන්ගේ දෝනියැන්දට හන්තාන රක්ෂිතයෙන් තෑගී ඔප්පුවක් දීලා තියෙනවා.ඉතින් ඒක සුද්ද කරාලු. ඇමතිවරයෙකුට එහෙම කරන්න පුළුවන්, නමුත් අහිසංක මනුස්සයෙක් එහෙම කරනකොට ගිහින් අඩවනවා. ඇමතිගේ අයව අඩන්න තියා අඩවන්නත් කවුරුත් නැහැ.

මම පරිසර අධිකාරියට කිව්වා පසුගිය අවුරුදු 05 දී මේ වගේ දේවල් වුනේ නැද්ද කියලා. පරිසර අධිකාරියේ සභාපතිතුමා පසුගිය කාලේ වාර්තා වුන සමර දේවල් දැනුම් දුන්නා. කුරුනෑගල අක්කර 77.9, පුත්තලමේ අක්කර 258, මොණරාගල අක්කර 100, රත්නපුර අක්කර 42, අනුරාධපුර අක්කර 224යි, මේ වගේ විවිධ විස්තර තියෙනවා. දැන් මේවාට කවුරුත් ඇඩුවෙත් නැහැ ඇඩෙව්වෙත් නැහැ. හරියට මම ඇවිල්ලා පරිසරය විනාශ කළා කියලයි කියන්නේ.

මුහුණුපොතේ දාලා තියෙනවා සිංහරාජයේ අවසන් ගසක් කැපුවා කියලා. ඒ ගහ ඉන්දියාවේ ඔඩිසා ප්‍රදේශයේ කපපු ගසක්.. මේ වගේ අසත්‍ය කරුණු කියලා ජනතාව මුලා කරනවා’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

 

 

ShareTweetSendShare

Related Posts

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්
Breaking News

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
5
රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට
Breaking News

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
7
වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ
Breaking News

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
29
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
9
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්
Breaking News

ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

2021-04-15
384
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි
Breaking News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
45
Next Post
සහාරන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන්ට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට

සහාරන්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන්ට ප්‍රතිකාර කල පුද්ගලයා TID අත්අඩංගුවට

අතුරුදහන්වූ 16 හැවිරිදි සිසුවා නිවසට එයි : තනියම සිටීමට ඕන කියා සිතු නිසා නිවසින් පිටව ගිය බව කියයි

අතුරුදහන්වූ 16 හැවිරිදි සිසුවා නිවසට එයි : තනියම සිටීමට ඕන කියා සිතු නිසා නිවසින් පිටව ගිය බව කියයි

Discussion about this post

MORE LOCAL NEWS

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
5

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
7

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
29

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
0
45

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk