මම හරි ආසයි කලාකරුවෙක් වීම ගැන සහ කලාව තුළින් ජීවිතය දකින්න ලැබීම.
නමුත් ශ්‍රී ලංකාවේ කලාකරුවෙක් වීම ගැන නම් පොතක් ලියන්න තරම් දුක්මුසු කාරණා තියෙනවා. මේ රටේ අවාසනාව නෙවෙයි රට කරවන සහ පරිපාලනයට සම්බන්ධ අයගේ තියෙන ජඩකම නිසා අපි හරියට දුක් වෙනවා.
මේ මම කියන හැමදෙයකටම මම වගකියනවා. මොකද මට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්.
නාට්‍ය අනුමණ්ඩල, රාජ්‍ය නාට්‍යය උළලේ විනිශ්චය මණ්ඩල කියලා එකක් තියෙන්නේ ඒක තමා ලංකාවේ තියෙන ලොකුම බොරුව සහ විහිළුව. කොහොමද එහෙම වෙන්නේ කියලා ප්‍රසිද්ධ සංවාදයක ඔප්පු කරන්න මම කැමතියි.
හැබැයි කවුරුත් එන්නේ නැහැ. මොකද ඔය ඔක්කොමගේ බොක්කේ බිත්තර. මම 76 ඉඳන් ඉන්නේ මේ ක්ෂේත්‍රයේ. ඒ නිසා ඔය අයියලා එන්නේ කොහේ ඉඳන්ද කියන එකේ ඉඳන් දන්නවා.
ජීවිතය ගැන ආපස්සට හැරිලා බලද්දී නම් මම හිතන්නෙ කලාවට නැඹුරුවීම තුළින් විශාල විදියට වෙනස් වුණා.
ඒ හරහා ජීවිතය දකින්න පටන් ගත්තා. මේ වෙද්දී මම බුද්ධ දර්ශනය හදාරන්න පෙලඹුණා. ඒ කියන්නේ පිච්ච මල් පූජා නෙවෙයි. ඒ තමයි ලංකාවේ බුද්ධාගම නැති කරන්න තියෙන ලොකුම බොරුව. ඒවා මට අදාළ නැහැ.
හැම ආගමකටම මම ගරු කරනවා. නමුත් මම හදාරන්නේ බුද්ධ දර්ශනය.
ත්‍රිපිටකය හොඳින් කියලා තේරුම් ගන්න උත්සහ කරන්න ඕනේ. මමත් තවම උත්සාහ කරනවා. කලාව නිසා මගේ ජීවිතය ආලෝකමත් වුණා. ඒ ගැන සංතෝෂයි.
ඒ වගේම කියන්න ඕනේ මම ඇතුළු තව රූපණවේදීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනා නම් ඉපදිලා තියෙන්නේ පෙර කරුමයකට.
බොරු වංචාකාර කපටි අයට යන්න මාර්ග තියෙනවා ඕනේ තරම්. මම කතා කළේ උත්තම කලාව ගැන. මට උගන්වපු සියලු දෙනා බුදු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උත්තම කලාව මට පෙන්වා දුන්නේ ඒ ගුරුවරුන්.
Discussion about this post