මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සමත්වී තිබෙනවා.
එහිදී 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබවත් තවත් 7 දෙනෙක් මුහුදට පැන ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්.
එම බෝට්ටුවල තිබූ කොකේන් කිලෝ 200ක්, හෂීෂ් කිලෝ 60ක් සහ උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
බෝට්ටුවල තිබී හමුවූ මත්ද්‍රව්‍ය වල වටිනාකම මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව ද එරට ආරක්ෂක අංශ කියා සිටියා.
Discussion about this post