• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-20 | 5:56 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

මගී ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සහ පුද්ගලයින්ට විශේෂ සහනයක්

2021-03-15 ‍| 6:06 pm
මගී ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සහ පුද්ගලයින්ට විශේෂ සහනයක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක් හෝ ඊට අඩු කාල සීමාවක් සඳහා, ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මින් ඉදිරියට මූල්‍ය ආයතන ලෙස හැඳින්වෙන) වෙත දැනුම් දී ඇත.

මෙම ණය සහන යෝජනාක්‍රමය සඳහා සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයන් අතරට පොදු මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රි රෝද රථ ඇතුළු කුළී රථ සේවා ආදී පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන්නන්, සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන් ඇතුළත් වේ. මෙම ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ණය ගනුදෙනු කරුවන් විසින්, ඒ සඳහා ඉල්ලීමක් ලිඛිතව හෝ විද්‍යුත් ආකාරයෙන් අදාළ මූල්‍ය ආයතනය වෙත 2021 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට පෙර යොමුකල යුතුය. කෙසේ වෙතත්, සාධාරණ හේතු මත, මෙම දිනයට පසුව වුවද යොමු කරනු ලබන ඉල්ලීම් සලකා බලන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත දන්වා ඇත.

මූල්‍ය ආයතන විසින්, සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ, මීට පෙර ණය සහන කාලයන්ට යටත් වූ කල්බදු පහසුකම් ද ඇතුලත්ව 2021 මාර්තු 31 වන විට සක්‍රිය කාණ්ඩයේ පැවති කල්බදු පහසුකම් සඳහා ණය සහන කාලයක් ලබා දෙනු ඇති අතර, ඒ සඳහා අමතර පොලියක්, 2021 අප්‍රේල් 01 වන දිනට ආසන්නතම දින-364 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතිකයට ආන්තිකයක් එකතු කල පොලී අනුපාතයක් යටතේ, අය කරනු ඇත. කෙසේ වෙතත්, එම අමතර පොලිය කල් දමන ලද වාරික වල වටිනාකම මත පමණක් අය කල යුතුය. බලපත්‍රලාභී බැංකු සඳහා මෙම ආන්තිකය වාර්ෂිකව සියයට 1 ක් වන අතර බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් සඳහා අයකල හැකි උපරිම අමතර පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 11.5 නොඉක්මවන ලෙසින් සියයට 5.5ක ආන්තිකයක් නියම කර ඇත. මෙම යෝජනාක්‍රමයට ඇතුළත් කල්බදු පහසුකම් සඳහා කිසිදු දඩ පොලියක් අය නොකරන ලෙසට මූල්‍ය ආයතන දැනුවත් කර ඇත.

පාසල් යලි ආරම්භ කිරීම, කාර්යාල, ව්‍යාපාරික ස්ථාන සහ ගුවන් තොටුපල යලි විවෘත කිරීම ආදිය සමඟ ජන ජීවිතය ක්‍රම ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වීම, දීර්ඝ කරන ලද ණය සහන යෝජනාක්‍රමය නිසා මූල්‍ය ආයතන වලට වන බලපෑම සහ පවත්නා එන්නත්කරණ වැඩ පිලිවල ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, 2019 සහ 2020 වසර වලදී ලබා දුන් ණය සහන යෝජනා ක්‍රමයන්ට අදාල කල් දමන ලද ණය වාරික, කල්බදු සඳහා ලබා දුන් මෙම ණය සහන කාල සීමාව තුලදී පියවීමට ඇති නම් ඒවා පියවාගැනීමට මූල්‍ය ආයතන වෙත අවසර ලබා දී ඇත. කොවිඩ්-19 වසංගත කාලය තුල ලබා දුන් ණය සහන කාලය නිසා වාරික ගෙවීමේ දී ණය ගනුදෙනුකරුවා අනවශ්‍ය ලෙස පීඩනයට ලක් වීමෙන් වැලකෙන පරිදි මෙම කල්බදු වාරික සහ ණය සහන කාලය ට අදාල වාරික අයකිරීම ව්‍යුහගත කර ඇත.

සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් හට සිය අදායම් උත්පාදන කටයුතු පවත්වාගෙනයමින් කල්බදු පහසුකම් වල ආපසු ගෙවීම් කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන අයුරින් මෙම දීර්ඝ කරන ලද ණය සහන කාලය ක්‍රියාත්මක කරන ලෙසට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් හට මෙම ණය සහන යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු, අදාළ මූල්‍ය ආයතන වෙතින් ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද චක්‍රලේඛ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි (www.cbsl.gov.lk) දක්වා ඇත.

ShareTweetSendShare

Related Posts

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)
Breaking News

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
1
රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි
Breaking News

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
1
රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය
Breaking News

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
11
මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ
Breaking News

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
9
ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
Breaking News

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
33
තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)
Breaking News

තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)

2021-04-20
97
Next Post
IMEI අංකය මකා දැමු ජංගම දුරකථනයක් රන්ජන්ගේ සිර මැදිරිය අසලින් මතුවෙයි

IMEI අංකය මකා දැමු ජංගම දුරකථනයක් රන්ජන්ගේ සිර මැදිරිය අසලින් මතුවෙයි

කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට එරෙහිව වතු සමාගම් 20ක් අධිකරණය හමුවට

කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට එරෙහිව වතු සමාගම් 20ක් අධිකරණය හමුවට

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
1

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
1

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
11

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
9

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
33

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
66
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk