කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය නව මාර්ගෝපදේශ සකස් කිරීම වෙනුවෙන් අද දිනයේදී ඊට අදාළ විද්වත් කමිටුව රැස්වීමට නියමිතයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ අදාළ නිර්දේශ ලබන සතිය මුලදී ප්‍රකාශයට පත්කරන බවයි.
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණ අතර
සෞඛ්‍ය ඇමතිනී, පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව මෙතෙක් පැවති ගැසට් නිවේදන මගින් ක්‍රියාත්මක වූ නිරෝධායන නියෝග සංශෝධනයට ලක් කෙරෙනු ඇති.
Discussion about this post