බ්‍රිතාන්‍යයේ දැනට පවතින තත්ත්වය අනුව කොවිඩ්-19 වෛරසයේ දරුණුතම බලපෑම පාස්කු ඉරිදා දිනයේ දී එල්ල වනු ඇති බවට මත පල වී තිබේ.

අප්‍රේල් 12 වැනිදා පාස්කු ඉරිදා දිනය වන අතර නිවැරදි ලෙස නිරෝධායන කටයුතු සිදු නොවුණහොත් එරට මරණ සංඛ්‍යාව 50,000ක් පමණ වනු ඇති බවට ගණන් බලා ඇති බව වාර්තා වෙයි.

මේ වන විට බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් 2,921 දෙනෙකු මියගොස් ඇති අතර ආසාදිතයින්ගේ සංඛ්‍යාව 33,718ක් වෙයි.

ඊයේ දිනය තුළ පමණක් වෛරසය ආසාදනය වීමෙන් එරටින් පුද්ගල මරණ 569ක් වාර්තා විය.

මෙන්න බලන්න තවත් පුවත්