බණ්ඩාරවෙල සිට රත්නපුර සදහා එළවළු අලෙවි කිරිමට ගිය ලොරි රථයක් රත්නපුර පොලිස් බල ප්‍රදේශයට පනවා ඇති ඇදිරිනිතීය හේතුවෙන් එහි යා නොහැකිව බලංගොඩ නගරයෙ විකුණමින් සිටියදි බලංගොඩ නගර සභා සභාපති චාමික වැවේගෙදර මහතා ගෝවීන්ට තර්ජනය කල පුවතක් ඊයේ දිනයේ වාර්ථා වුණා. ගෝවීන් පැවසුවේ නගරසභා සභාපති බූමිතෙල් වක්කර තම එලවළු විනාශ කෙරු බවයි.

රට පත්ව ඇති තත්ත්වය හමුවේ ජනතාව පත්ව ඇති තත්ත්වය ගැන නොසිතා මේවැනි ක්‍රියාකාරකම් තරයේ හෙලා දැකිය යුතුයි. දුප්පත් මිනිසුන්ට තම බලය පෙන්වා ඔවුන්ගේ බලය රැකගැනීම කරන මෙවැනි මිනිසුන් මෙම තනතුරු වල සිටිම කණගාටුදායක තත්ත්වයකි. මෙ අවස්ථාවේ එළවළු බූමිතෙල් දමා විනාශ කිරිම කොතරම් පහත් ක්‍රියවක්ද? මෙවැනි පහත් ක්‍රියවන් හි යෙදෙන අයට නිතියේ දඩුවම් නොලැබුනත් සෞභාවධර්මයෙ දඩුවම් එකාන්තය

මෙන්න බලන්න තවත් පුවත්