මීළඟ ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ තරග සඳහා සහභාගි වෙන බර ඉසිලීමේ කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් බර ඉසිලීමේ සුපිරි සංචිතය සඳහා පැවැත්වෙන පරීක්ෂණයක් මේ මස 28 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
කොළඹ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම පරීක්ෂණය සඳහා අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 න් දෙනකු කැඳවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පියවරගෙන ඇති බව වාර්තා වනවා.
මෙම පරීක්ෂණයේ ආසන්නම ඉලක්කය වී ඇත්තේ මීළඟ ආසියානු ජ්‍යෙෂ්ඨ ශුරතා බර ඉසිලීමේ තරගාවලිය ලබන මාර්තු මස පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සුදුස්සන් නම් කිරීමයි.
අදාළ පරීක්ෂණය සඳහා චින්තන ගීතාල් විදානගේ, ඇන්ටන් සුදේශ් පීරිස්, ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල්, තිලංක විරාජ් පළඟසිංහ, අසංක ඉසුරු කුමාර, උෂාන් චාරුක, චානක පීටර්ස්, සමන් අබේවික්‍රම, හංසනී ගෝමස්, චමරි වර්ණකුලසූරිය, බී. චතුරිකා ප්‍රියන්ති සහ තිමාලි හපුතැන්න යන ශ්‍රී ලංකා ජාතික සුපිරි සංචිතයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැඳවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය කටයුතු යොදා තිබෙනවා.
මොවුන් අතරින් චින්තන ගීතාල් විදානගේ (2006 – රන් සහ 2010 – රිදී), ඇන්ටන් සුදේශ් පීරිස් (2010 ලෝකඩ සහ 2014 – රිදී), ඉන්දික දිසානායක (2018 රිදී), චතුරංග ලක්මාල් (2018 ලෝකඩ) සහ හංසනී ගෝමස් (2018 ලෝකඩ) යන අය පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනා ගනිමින් කැපී පෙනුණු ක්‍රීඩික ක්‍රීඩිකාවන්.
Discussion about this post