බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.
මේ වන විට එම බන්ධනාගාරය ප්‍රයෝජනයට ගනු ලබන්නේ අලුතෙන් බන්ධනාගාර ගතවන්නන් නිරෝධායනයට ලක් කිරීම සඳහායි.
මීට පෙර එම බන්ධනාගාරයේ රැදවියන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණු අතර පල්ලෙකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ ද එක් රැඳවියෙකුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
කෙසේ වෙතත් මෙම බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇති බව හඳුනාගෙන ඇත්තේ ඒ අනුව බන්ධනාගාර දෙකේම නිලධාරීන් හා රැඳවියන්ට දිගින් දිගටම පි.සි.ආර්. පරීක්ෂණ සිදු කරමින් පවතින අතර ඒ අනුව සිදු කල පී.ආර්.පරීක්ෂණවල ප්‍රතිපල ලෙසයි.
Discussion about this post