බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 03තුළදී සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් ආශ්‍රිතවයි.

මහියංගනය ගැමුණුපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මේ වන විට ආසාදිතයින් 65 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 2500කට අධික පිරිසක් රැකියාවේ නිරතවන අතර PCR සහ 300කින් පමණ මෙම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනාගෙන තිබේ.

මහියංගන ප්‍රදේශයේ තවත් ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

එම කර්මාන්තශාලා දෙකෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 75කි.

මෙන්න බලන්න තවත් පුවත්