පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ඇතුලු තුන්දෙනා ලබන 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පවතින කොරෝනා තත්වයත් සමඟ සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකෙරුණු අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ප්‍රකාශ කළේ ඔවුන් වෙනුවෙන් සිදුකර ඇති ඇප ඉල්ලීමද එදිනට සළකා බලන බවයි.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අමතරව සම්සුදීන් මොහොමඩ් යාසිම් සහ හිටපු ගණකාධිකාරිවරයෙකු වන අලගරත්නම් මනෝරන්ජන් යන අයත් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ මෝටර් රථයේ තිබී ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ රියදුරන් දෙදෙනාද මේ මස 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ.
ඔවුන් දෙදෙනාගේ ඇප ඉල්ලීම ද එදිනට සළකා බැලිමට නියමිතයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ට සැඟවීම සඳහා ආධාර අනුබල ලබාදුන් සීමාවාසික නීති සිසුවෙකු සහ මන්ත්‍රීවරයා සැඟව සිටි නිවසේ හිමිකරු අද නීතීඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබෙනවා.
Discussion about this post