බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා වන අතර එහි උප නායක ලෙස කුසල් මෙන්ඩිස් පත් කර ඇත.

එක් දින ජාත්‍යන්තර තරග තුනක් සඳහා එළ‍‍‍‍ඹෙන මැයි 15 වන දින ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත් වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතයේ සාමාජිකයින් ලෙස කුසල් ජනිත් පෙරේරා – නායක, කුසල් මෙන්ඩිස් – උප නායක, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, දසුන් ශානක, අශේන් බණ්ඩාර, වනින්දු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, නිරෝෂන් ඩික්වැල්ල, දුෂ්මන්ත චමීර, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකන්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ශිරාන් ප්‍රනාන්දු නම් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්