කොවිඩ් වංසගතය තත්ත්වය හමුවේ ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත් වූ පෞද්ගලික බස්රථ හිමියන්ට තමන්ගේ බස්රථ මාස ගණනාවක් ධාවනය නොකිරීම හේතුවෙන් මතුව ඇති දුෂ්කරතා අවම කිරීම සඳහා රාජ්‍ය බැංකු හරහා පෞද්ගලික බස්රථ හිමියන්ට ණය මුදල් ලබා දීමට තීරණය කර තිබෙනවා.
පෞද්ගලික බස්රථ හිමියන් හා පොදුවේ බස්රථ හිමියන් විසින් රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත්බද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග එක්ව රාජ්‍ය බැංකු හරහා පෞද්ගලික බස්රථ හිමියන්ට රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් හා ටිකට්පත් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් රු. 50,000 ක මුදලක් ඉහත වැඩ සටහන යටතේ ලබාදීමට අවශ්‍ය කටයුතු ඊයේ (15) දින සිට ක්‍රියාවට නැංවීම ආරම්භ වුණා.
මේ යටතේ සංකේතාත්මකව පෞද්ගලික බස්රථ හිමියන් 27 දෙනෙකුට එම ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය ණය ප්‍රදාන ලිපි ලබාදීම අද දින ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග ලංකා බැංකු හා මහජන බැංකු නියෝජිතයන් මෙම ණය නිකුත් කිරීම පිළිබඳව ගිවිසුම් අත්සන් කිරීමද මෙහිදී සිදු විය.
Discussion about this post