පොළොන්නරුව ඓතිහාසික උත්තරාරාමය හෙවත් ගල් විහාරය ප්‍රමුඛ සොළොස්මස්ථාන භූමිය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
ඊට අදාළ සන්නස් පත්‍රය ඓතිහාසික සොළොස්මස්ථානාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි හිමියන් වෙත ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (20) සවස 5ට ගල්විහාර පුදබිමේදී සිදු කරීමට නියමිතයි.
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
Discussion about this post