පාකිස්ථාන හමුදාවට අයත් ගුවන් යානයක් පුහුණු මෙහෙයුම් අතර තුර දී අනතුරට ලක්ව කඩා වැටී තිබේ.

මර්ඩාන් දිස්ත්‍රික්කයේ තක්බායි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් අනතුරින් එම යානයේ නියමුවා ආරක්ෂිතව දිවි ගලවාගෙන ඇති බව වාර්තා වෙයි.

අනතුරට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර මාස දෙකකට වඩා අඩු කාලයක් තුළ එරට සිදුවු තෙවන ගුවන් අනතුර මෙය වන බව වාර්තා වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්