කන්දකැටිය ප්‍රදේශයේ පිහියකින් කපා කොටා පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිය පුතු දෙපළක් සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසයි. පහරකෑමට ලක්වූ පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව ඊයේ (23) සවස කන්දකැටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගන මුලික රෝහල වෙත මාරු කර යැවූ බවද පොලීසිය පවසයි.
අනියම් පෙම් පලහිලව්වක් සිද්ධියට හේතු වී ඇති බව මූලික විමර්ශණවල දී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්