පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග ‍වෙළඳාම සදහා අද(25) සිට යළි විවෘත වෙයි.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදමින් මිලදී ගැනීම් කටයුතු සදහා පැමිණෙන ලෙස තොග වෙළෙන්දන් හට දැනුම්දෙන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා සඳහන් කළේය.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මසුන් ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීම හේතුවෙන් වෙළඳ සංකීර්ණය තවකාලිකව වසා දැමීමට තීරණය කර තිබුණි.

එමෙන්ම පෑලියගොඩ  මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සහ සේවකයින් පි.සි.ආර් පරික්ෂණයක් සඳහා යොමුකිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවේය.

PCR පරික්ෂණ සදහා යොමුකළ වෙළඳුන්, සේවකයින් ඇතුළු කිසිවෙකුටත් වෛරස ආසාදිතයින් බවට තහවුරු වි නොමැති බවයි සෞඛ්‍ය බලධා

මෙන්න බලන්න තවත් පුවත්