නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයෙකු වූ මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් තුන්දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අදාළ පහරදීමේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයකට අනුව මෙම පොලිස් නිලධාරින් සිව්දෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඉදිරි පියවර ගැනීමට නියමිත බව පොලීසිය කියා සිටියා.
Discussion about this post